ජනමාධ්‍යවේදීන්ට දඬ පැනවීමට හා ඔවුන්ව හිර ගත කිරීමට අදාළ මාධ්‍ය රෙගුලාසි ගෙන ඒමද ඇතුළත් මාධ්‍ය රෙගුලාසි පිළිබඳව සොයා බැලීම සඳහා වන කවුන්සිලයට නැවත වරක් නව පත්කිරීම් සිදුකිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇතැයි ඒ.පී. පුවත් සේවය සඳහන් කරයි.
මෙම කමිටුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වීමෙන් පසුව විසුරුවා හැරිය බවද එම පුවත් සේවය පවසයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිවීමෙන් පසුව මාධ්‍ය නිදහස තහවුරු කිරීම සඳහා රාජ්‍ය මාධ්‍ය නිදහස් කිරීමටත්, මාධ්‍ය සීමා කිරිම් ඉවත් කළ බවත් එම පුවත්සේවය සඳහන් කරයි. එවැනි තත්ත්වයක් තිබියදී ජනපතිගේ නව ක්‍රියාමාර්ග කිරීම පිළිබඳව ඔහු කිසිඳු ප්‍රකාශක් කර නැති බවද එම පුවත් සේවය කියයි.
ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම පිළිබඳ කමිටුව නිවේදනයකින් සඳහන් කර ඇත්තේ නව පත්කිරීම් ජනපතිවරයා සිදුකොට ඇත්තේ ප්රජාතන්තීය වෙනසක් වෙනුවෙන් බව සඳහන් කර තිබෙන බවද එම පුවත් සඳහන් කරයි.
ඇතැම් ආරක්ෂක තත්ත්වයන්, මූල්‍ය හා විනිමය මෙන්ම ආනයන පාලන ක්‍රියාමාර්ග, ඇතැමි රහස් වාර්තා කිරීම තහනම් කිරීමට කවුන්සිලය මීට ඉහතදී සුදානම්විය. ඒ සඳහා ජනමාධ්‍යයෙන් විශාල ප්‍රති රෝධයක් එල්ල වූ අතර ඉහත වාර්තා කිරීම් පිළිබඳව සොයා බලා එවැනි ආකාරයක වාර්තාකිරීම් සඳහා උපරිම අවුරුදු දෙකක සිර දඬුවක්, දඬයක් හෝ ඒ දෙකම පැනවීමට නීතිමය ප්‍රතිපාදන ලබා ගැනීමට මීට ඉහතදී අවධානය යොමුව තිබුණි.