මාධ්‍යවේදීන් සඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක්
මාධ්‍යවේදීන් සඳහා වාර්ෂිකව ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක් පැවැත්වීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ශ්‍රී ලාංකේය මාධ්‍ය‘වේදීන් විසින් ඉටුකරනු ලබන මෙහෙවර සහ ඔවුන්ගේ දායකත්වය ඇගයීම සඳහා 2018 වර්ෂයේ සිට ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක් වාර්ෂිකව පැවැත්වීම සඳහාමෙලෙස යෝජනා වී ඇත.
මාධ්‍යවේදීන්ගේ බහුවිධ දක්ෂතා හා සුවිශේෂී නිපුණතා හඳුනාගෙන ඒවා ඇගයීමට ලක්කිරීම, වෘත්තීය මට්ටමේ මාධ්‍ය‘වේදීන් බිහි කිරීම සඳහා නිසි මඟපෙන්වීම් ලබාදෙමින් ඔවුන් අභිප්‍රේරණය කිරීම, යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා සමස්ත මාධ්‍ය ක්ෂේත්රය සවිබලගැන්වීම සහ සංවර්ධනාත්මක මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීම සඳහා මාධ්‍ය‘්වේදීන් පෙළඹවීම යන අරමුණු වෙනුවෙන් මෙම සම්මාන උලෙළ පැවැත්වීමට නියමිත බවද සඳහන් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

