මාධ්‍යවේදීන් සෑමවිටම නිවැරදි දේ තෝරා ගනිමින් සහ සත්‍යයට ගරු කරමින් සිය පෑන භාවිත කළ යුතු බව විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
කොළඹ පුස්තකාල ප්‍රලේඛන මණ්ඩලයේදී අද (19දා) පෙරවරුවේ පැවති ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ඩී.බී. ධනපාල අනුස්මරණ උත්සවයේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේය.
ජනාධිපතිවරයා විසින් සමරු මුද්දරයක් නිකුත් කිරීමද මෙහිදී සිදු කෙරුණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
වැරදි කරන දේශපාලනඥයන් ආරක්ෂා කරමින් ඔවුන්ට ප්රශස්ති ගායනා කිරීමට පෞද්ගලික ප්රතිලාභ උදෙසා ජනමාධ්‍යවේදීන් කටයුතු කරන්නේ නම් එය ඉතා අභාග්‍ය සම්පන්න තත්ත්වයක්.
කොතෙක් වැරදි කළත් වැරදි කරන අය පිළිබඳව කිසිවක් සඳහන් නොකිරීමත්, කෙතරම් නිවැරදි වුවද ඇතැමුන් ඉලක්ක කර ගනිමින් පහර ගැසීමත් අද මාධ්‍ය ක්ෂේත්රය තුළ දක්නට තිබෙනවා.
“සිය පෑන හැසිරවීමේදී ජනතා අවශ්‍යතාව අනුව නිවැරදි දේ මෙන්ම ගුණාත්මක, යහපත් සහ හරවත් දේ සමාජයට ලබාදීම මතු පරපුර වෙනුවෙන් මාධ්‍යවේදීන්ට පැවරෙන මහඟු වගකීමක් ” යැයිද පවසා සිටියේය.