ස්වාධීන මාධ්‍ය කොමිෂමක් පිහිටුවා ගනිමින් මාධ්‍යවේදීන්ට අවම වැටුපක් සහතික කිරීමට බලාපොරොත්තු වන බවත් ජනමාධ්‍ය හැදුනුම්පත ආචාරධර්ම පද්ධතියකට යටත් කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙන බවත් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය පැවසීය.
හෙතෙම මේ බව ප්‍රකාශ කළේ, අද (02දා) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයෙදී ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සම්පාදනය කළ ''ඡායාරූපශිල්පීන් සඳහා වන ආචාර ධර්ම පද්ධතිය'' එළිදැක්වීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
මෙයට ලොකු අරගලයක් මාධ්‍යවේදීන්ට කරන්න තියෙනවා.කොර්ඩ් ඔෆ් එතික්ස් කියලා එකක් තියෙනවා, කොර්ඩ් ඔෆ් කන්ඩක්ට් කියලා තව එකක් තියෙනවා.ආචාර ධර්ම පද්ධතිය එකක්, අනෙක චර්යා ධර්ම පද්ධතියයි. අපට මෙතැනදී වෘත්තීය අරගලයක් තිබෙනවා. ආචාර ධර්ම සංස්කෘතියක් සමඟ වෙනස් වෙනවා. ගාල්ලේ සිටින කෙනාගේ ආචාර ධර්ම නොවේ, ඇතැම්විට අනුරාධපුරයේ සිටින කෙනාගේ තිබෙන්නේ.ඒවා වෙනස් වෙනවා.
මේවා ක්‍රියාත්මක කරන එකයි ප්රශ්නය. ආචර ධර්ම කැඩුවොත් කැමරාව ආපසු ගන්නවාද? මේවා නියාමනය කරන්න ඕන. අපි ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රතිපත්ති තීරණයක් ගෙනතිබෙනවා, ජනමධ්‍ය හැදුනුම්පත ආචාරධර්ම පද්ධතියකට යටත් කරන්නට. සියලු මාධ්‍ය සංවිධාන සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමටද බලාපොරොත්තු වෙනවා.
ආචාර ධර්ම බිද්දොත් එයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ක්‍රමයක් හදන්න අවශ්‍යයි. කොතැනින් හරි වෘත්තීයභාවය හදන්න අවශ්‍යයි යැයිද හෙතෙම පැවසී.