මාධ්‍ය වේදීන්ට හැඳුනුම්පතක් නිකුත්කර ඇත්තේ සිය කටයුතු නිදහසේ කරගෙන යෑමට අව්‍ය නිසායි
ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක
ප්රවෘතිදෙපාර්තමේන්තුව මගින් මාධ්‍යවේදීන්ට හැඳුනුම්පතක් නිකුත්කර ඇත්තේ සිය කටයුතු නිදහසේ කරගෙන යාමට අවශ්‍ය නිසා බවත්, මාධ්‍යවේදීන්ගේ කටයුතුවලට බාධා පැනවීම සුදුසු නැතිබවත් සම කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
ඇඹිලිපිටිය තරුණයාගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදුන් අවස්ථාවේඑම සාක්ෂි සටහන් කරමින් සිටි මාධ්‍ය‘වේදීන් සතු සටහන් පොලිස් නිලධාරියෙකු පැමිණ උදුරාගෙන යාමේ සිද්ධියක් පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා ඊයේ(14දා) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍යහමුවේදී පැවසීය.
අදාළ සිදුවීම පිළිබඳ තමා කණගාටු වන බවත්, මේපිළිබඳ වහාම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාගෙන් විමසූ බවත් ගයන්ත අමාත්‍යවරයා ප්‍රකාශකළේය.
පොලිස්පතිවරයා සමග සාකච්ඡාකර අදාළ සිදුවීම පිළිබඳ සොයාබලා අව්‍යශ පියවර ගැනීමට සාගල රත්නායක ඇමතිවරයා පොරාන්දු වූ බවත්,මෙවන් දේ තවදුරටත් සිදු නොවිය යුතුබවත් අමාත්‍යවරයා පැවසීය.
මේඅතර ඇඹිලිපිටිය සිදුවීම සම්බන්ධයෙන් කරුණු විමර්ශනයෙන් අනතුරුව දැඩි පියවර ගන්නා බවත්, ඒ පිළිබඳ පූර්ණ බලය පොලිස් කොමිෂන් සභාව සතු බවත් මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය රාජිත සේනාරත්න අමාත්‍යවරයා මහතා පැවසීය