මාදුළුවාවේ සෝභිත හිමියන් පසුගිය සතියේදී සිහිනෙන් පෙනීසිටිමින් ආණ්ඩුවෙන් ජනතාව බේරාගන්නැයි තමන් වහන්සේගෙන් ඉල්ලීමක් කළ බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.
''ආනන්ද හාමුදුරුවනේ බලා ඉන්න එපා'' යැයි උන්වහන්සේ පැවසූ බවද ආනන්ද හිමියෝ සඳහන් කළහ.
මාදුළුවාවේ සෝභිත හිමියන් අද සිටියානම් ආණ්ඩුවට විරුද්ධව ඉදිරියෙන්ම සිටිනු ඇති බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
මෛත්‍රිපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කාලයේ සිදුවීම් ඇතුළත් ලිපිගොනුවක් තමන් වහන්සේ සතුව තිබෙන බවත්,අවශ්‍යතාවක් වුවහොත් එහි කරුණු එළියට දමන බවත් ආනන්ද හිමියෝ පවසා සිටියහ.