පරිසර හිතකාමී ක්‍රමයක් ලෙස නොසැලකෙන., මාදැල් ධීවර කර්මාන්තය දැනට මුහුණ දෙනු ලබන ගැටලු සොයා බලා ඒවාට පිළියම් ලබා දීමට සහ ගැඹුරු අධ්‍යයනයක් කොට තිරසර මාදැල් ධීවර කර්මාන්තයක් උදෙසා නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් විද්වත් කමිටුවක් පත් කිරීමට නියමිතය.
1984 වර්ෂයේ දී මාදැල් කර්මාන්තයට අදාළ රෙගුලාසි පනවන ලද අතර කාලීන අවශ්‍යතා මත ඒවා සමාලෝචනය කිරීමේ අවශ්‍යතාවක් මතුවී ඇති බැවින් මෙම කමිටුව පත්කිරීමට නියමිත අතර අල්ලා ගත යුතු මසුන් ඉලක්ක කොට තෝරා ගැනීමකින් තොරව, මසුන්ගේ ප්‍රමාණය නොසලකා සියලුම මසුන් දැලට හසු කරගන්නා ක්‍රමයක් ලෙස මෙය ප්‍රසිද්ධය.