මාතලේ සමූහ මිනීවළ පිළිබඳව සහ එහි තිබී සොයාගත් මානව අස්ථි පිළිබඳ පරීක්ෂණ පවත්වනු ලබන විශේෂ ජනාධිපති ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිසම් සභාවේ වාර්තාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ජුනි මස 20 වැනිදා භාරදෙන බව එම කොමිසමේ සභාපති සහ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි.ඉමාම් මහතා පැවසීය.
මතුවූ මානව අස්ථි පිළිබඳ කාල නිර්ණය පිණිස අස්ථි සම්පත් ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ බීටා එනලිටික්ස් (Beata Bnalytic) පුරාවිද්‍යා කෞතික රසායානාගාරය වෙත යොමු කිරීමට කොමිසම නියෝග කර තිබෙන අතර, ඒ සම්බන්ධ කෙරෙන පරීක්ෂණ වාර්තාද සැලකිල්ල ගෙන ජනාධිපතිවරයා වෙත බාරදෙන අවසාන වාර්තාව පිළියෙල කරන බවද සභාපතිවරයා පැවසීය.
මාතලේ ඇම්.ඩබ්. සෝමරත්න