මාතර කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද (23දා) උදෑසන ඇණහිට තිබෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේය.
එසේම මේ සම්බන්ධයෙන් තමන් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කළ බවත් හෙතෙම කීවේය.
උදේ වරුවේ ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි ගුරුවරුන්ට අධ්‍යාපන කාර්යාලය සඳහන් කර ඇත්තේ හෙට (24දා) ඡන්දය ප්‍රකාශ කිරිමට පැමිණෙන ලෙසයි.
මේ හේතුවෙන් මාතර අධ්‍යාපන කොට්ඨාසයේ ගුරුවරුන්ට ඡන්දය ප්‍රකාශ නොකර ආපසු හැරීයාමට සිදුවිය.
ඒ සම්බන්ධයෙන් මාතර සහකාර මැතිවරණ කොමසාරිස් ඩබ්.එච්.ආර්. විජේකුමාර මහතාගෙන් විමසූවිට ඔහු සඳහන් කළේ වැරදීමකින් මාතර කොට්ඨාසයේ ඡන්දය සහතික කිරීමට සිටි නිලධාරිනිය ස්ථාන දෙකකට යොදවා තිබූ බවත් එ් හේතුවෙන් මෙම ගැටළුව පැන නැගී බවත් ඇය වෙනුවට පරිපාලන නිලධාරියා පත්කළ බවයි. එසේම පස්වරු 12.30න් පසුව සුපුරුදු පරිදි තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු ආරම්භ කළ බවත් හෙතෙම කීය.