මාතර දිස්ත්‍රික්කය තුළ පවතින පොදු ගැටලු දින දෙකක් තුළ නිරාකරණය කිරීමට හැකිවන අයුරින් මහජනතාවට ඒවා දැනුම්දීම සඳහා දුරකථන අංකයක් නිකුත්කිරීම මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතා අතින් අද (28දා) ඒ මහතාගේ කාර්යාලයේදී සිදුකෙරිණි.
ඒ අනුව 0413 021 000 අංකයෙන් මාතර ප්‍ර‘දේශයේ ඕනෑම මාර්ග පද්ධතිය, අක්‍රමවත්ව දැල්වෙන වීදි ලාම්පු, පන්සලේ, පාසලේ, දුම්රියේ, දේවස්ථානයේ, බස් නැවතුම්පොළේ හෝ රෝහලේ අපහසුතාවට පත්වන පොදු ගැටලු හෝ රාජ්‍ය ආයතන මගින් සිදුවන අපහසුතා දැනුම්දීමට හැකිය. උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා එම දුරකථන අංකය මහජනතාවට විවෘත වේ.