මාතර දිසි විනිසුරු (03) ලෙස කටයුතු කරන කුසලානි පුංචිහේවා මහත්මියගේ නිල මැදිරියට අද (24දා) පැමිණි සොරෙකු විසින් ඇයගේ අත්බෑගයේ තිබූ මුදල් පසුම්බිය සොරකම් කර තිබේ.
එහි තිබූ මුදල් හා ක්‍රෙඩිට් කාඩ් භාවිතයෙන් රුපියල් 65000ක් පමණ වටිනා රන් ආභරණ හා ආහාර ද්‍රව්‍ය මිලදීගෙන ඇතැයි මාතර පොලීසිය කරයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරන පුද්ගලයෙකුගේ ඡායාරූපද මාධ්‍යයට නිකුත් කර තිබේ.
විනිසුරුවරිය අධිකරණ ශාලාවේ නඩු විභාග කරමින් සිටින විට මෙම සොරකම සිදුව තිබේ.
.jpg)