කාල්මාක්ස් පරාජය කළේ අන්කවරෙකුවත් නොව ව්ලැන්ඩ්මීර් ලෙනින් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. තම ෆේස්බුක් පිටුවට අදහසක් එක් කරමින් ඔහු මේ බව පවසා සිටියි.
එහි මෙසේද සඳහන් වෙයි,
“ඇත්තටම ලෙනින් කවුද? සමාජ ප්රතිසංස්කරණවාදියෙක්ද? සමාජවාදය ස්ථාපිත කළ බලගතු වීරයෙක්ද? නැතිනම් ඒකාධිපතියෙක්ද? ලෙනින් කළ දේ නොකළ දේ අප විධිමත්ව වටහාගත යුතුයි. ලෙනින් කළ ඉතාම බලගතු කාරණා කිහිපයක් තිබෙනවා. එයින් පළමුවැන්න බහුතර විසිරුණු ජනතා මතයකට වඩා මතවාදයකින් සන්නද්ධ වූ මධ්‍යගත පක්ෂයකට සමාජයක් පාලනය කළ හැකිබව හා වෙනස් කළ හැකි බව.
“ එසේම ලෙසින් නොකළ දේත් අප වටහාගත යුතුයි. ලෙනින් නොකළ පළමුවැනි දේ තමයි ඔහු මාක්ස්වාදියෙකු නොවීම. මේක කිව්වහම මාක්ස් ලෙනින්වාදීන් බොහොම කිපෙන බව මම දන්නවා. නමුත් කාල්මාක්ස් ප්‍රකාශ කළ ආකාරයේ ධනවාදයේ උච්ඡතම අවධියක, සමාජවාදය බිහිවෙනවා නම් එය බිහි විය යුතුව තිබුණේ නෙදර්ලන්තයේ, එංගලන්තයේ හෝ අඩුතරමින් ජර්මනියේ.
නමුත් පසුගාමී කෘෂිකාර්මික රටක් වූ රුසියාවේ. එයත් මේ මාක්ස්වාදීන් අනුදැන වදාළ ආකාරයේ සමාජවාදයක් නෙමෙයි. කම්කරුවන් මූලික කරගත්, කම්කරුවන් විසින් ආර්ථිකය සැලසුම්කරණය කළ ආර්ථිකයක් නෙමෙයි. ගොවියන් රතු හමුදාව සහ කොමියුනිස්ට් පක්ෂය සංවිධානාත්මකව සැලසුම් සහගතව මෙහෙය වූ ආර්ථිකයක්" බව ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.