තමාට ලැබී ඇති බලතල පිළිබඳව පවා පක්ෂ ලේකම්වරුන් සමග සාකච්ඡා කර අපේක්ෂකයන්ට මැතිවරණ කටයුතු කරගෙන යෑම සඳහා ලිහිල්භාවයක් ලබා දී තිබියදීත්, මැතිවරණ කොමසාරිස්වරයා පඹයෙකු බවට පක්ෂ නායකයෙකු සඳහන් කරන්නේ නම් තමාට එයට කිසිවක් කළ නොහැකි බවත්, එහෙත් මළමිනියක් නොකියා පඹයෙකු යනුවෙන් හැඳින්වීම ගැන සතුටුවන බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය. පවතින මැතිවරණ ක්‍රමය තුළ අඩුපාඩු සිදුවන බව සඳහන් කරමින් ස්වාධීන මැතිවරණ කොමිසමක් අවශ්‍ය බව සඳහන් වුවද ව්‍යවස්ථාවේ කිසිම ස්ථානයක ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් ගැන සඳහනක් නොමැති බවත්, එහෙත් මැතිවරණ කොමසාරිස්වරයා ලෙස තමන් අදහස් කරන්නේ මැතිවරණ කොමිසමක් පැවතියහොත් හොඳ බව යැයිද මැතිවරණ කොමසාරිස්වරයා පවසා සිටියේය.