මළදරු උපත් මෙරට සෞඛ්‍ය සේවයට තවමත් අභියෝගයක්ව පවතින බවත් කෙසේ වෙතත් මෙරට සෞඛ්‍ය සේවයට මාතෘ සහ ළදරු මරණ ඉතා අඩු අගයක පවත්වාගෙන යාමට හැකිවී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
යුනිසෙෆ් සංවිධානය විසින් පවත්වන ලද දකුණු ආසියානු කලාපිය ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ වැඩමුළුවේ සමාප්ති උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පැවසු අතර මළදරු උපත්වලින් සියයට 70ක් පමණ පළමු දින 28ට තුළ සිදු වන බවට සොයාගෙන ඇති බවද කීවේය.