මහේල වැනි ක්‍රීඩකයන් රටකට බිහිවන්නේ කලාතුරකින් බවත් ඔහුව තවත් වසරක් කණ්ඩායමේ තබාගැනීමට උත්සහා කළ නමුත් එය අසාර්ථක වූ බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය.
හෙට ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගයට පෙරාතුව ගාල්ලේදී අද (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය.
"මහේල තව වසරක් තියාගන්න මම උපරිම ලෙස උත්සාහ කළා. නමුත් අවාසනාවකට මහේල අයින් වෙනවා. ඔහු ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙක්. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට විශාල සේවාවක් කළා. පිටියේදීත් ඉන් පිටතදීත් ඔහු හොඳ මනුස්සයෙක්. මම ඔහුගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම කණ්ඩායමට එද්දී ඔහු තමයි මගේ නායකයා. ඔහු හැමදෙනෙක්ටම එකසේ සැලකුවා.
මහේල වගේ කෙනෙක් එක්ක ක්‍රීඩා කරන නායකයා වාසනාවන්තයි. මහේල ටෙස්ට් පිටියට සමුදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ශෝකී දිනයක්. ඔහු වගේ ක්‍රීඩකයෙක් රටකට බිහිවන්නේ කලාතුරකින්." යැයි මැතිව්ස් වැඩිදුරටත් පැවැසීය.
ඡායාරූපය ශාන්ත රත්නායක