ටෙස්ට් ලකුණු 11000 (11010) කඩඉම පසුකළ පළමු ශ්රී ලාංකික පිතිකරුවා වීමට මහේල ජයවර්ධන අද (19දා) සමත්විය. පාකිස්තානට එරෙහිව සාජාහි දැන් පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් ක්රිකට් තරගයේ නොදැවී කඩුල්ලේ රැඳී සිටින මහේල ලකුණු 23 රැස්කරගෙන සිටියි.
ටෙස්ට් තරග 141 ක් ක්රීඩාකර ඇති ඔහු මේ වනවිට ටෙස්ට් ශතක 32 ක් හා අර්ධශතක 45 ක් රැස්කරගෙන සිටියි. මහේල ලොව ලකුණු 11000 කඩඉම පසුකළ 8 වැනි පිතිකරුවාද වෙයි.
වැඩිම ලකුණු රැස්කර ඇති ශ්රී ලංකා ටෙස්ට් පිතිකරුවෝ
පිතිකරුවා තරග ලකුණු
මහේල ජයවර්ධන 141 11010
කුමාර් සංගක්කාර 120 10652
සනත් ජයසූරිය 110 6973
අරවින්ද ද සිල්වා 93 6361
මාවන් අතපත්තු 90 5502
තිලකරත්න ඩිල්ෂාන් 87 5492
තිලාන් සමරවීර 81 5462
අර්ජුන රණතුංග 93 5105
හෂාන් තිලකරත්න 83 4545
චමින්ද වාස් 111 3089