සබරගමුව පළාත් මහ අමාත්‍ය මහීපාල හේරත් මහතා ගමන් ගත් ප්‍රාඩෝ රථය අද අලුයම අවිස්සාවේලල - කෑගල්ල මාර්ගයේදී අනතුරකට ලක්ව තිබේ. අනතුරින් මහ ඇමතිවරයා සුළු තුවාල ලබා ඇති අතර පසුව ඔහු කොළඹ නවලෝක රෝහලෙන් ප්‍රතිකාර ලබා තිබේ.
ප්‍රාඩෝ රථය - ට්‍රක් රථයක ගැටීමෙන් අනතුරට පත්ව ඇති අතර ප්‍රාඩෝ රියදුරා බරපතල තුවාල ලබා ඇත. ඔහු කෑගල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. මේ අතර අනතුර සම්බන්ධයෙන් ට්‍රක් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබේ.