ද්විතීයික පාසල් 1000 ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ග්‍රාමීය මට්ටමින් ඉදිකර තිබෙනා මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර විවෘත කිරීමේදී කිසියම් බලවේගයක් විසින් මහින්දෝදය නම ඉවත්කිරීම නොහොබිනා ක්‍රියාවක් බව සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය ඇමති නන්දිමිත්ර ඒකනායක මහතා පැවසීය.
මෙවැනි ක්‍රියා මගින් අනාගත දරුවන්ගේ අධ්‍යාපනය සමග සෙල්ලම් නොකරන්නැයි ඒ මහතා පවසා සිටියේ මාතලේ මඩවලඋල්පත නවෝද්‍යා පාසලේ අභිනවයෙන් ඉදිකරන ලද තාක්ෂණික විද්‍යාගාරය විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමිනි.
යටවත්ත වීර පරාක්‍රම විද්‍යාලයේ තාක්ෂණික විද්‍යාගාරය මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය නමින් නම්කර තිබුණු අතර, පලාපත්වල බුද්ධඝෝෂ විද්‍යාලයේ සහ මඩවල උල්පත නවෝද්‍යා පාසලේ නව තාක්ෂණික විද්‍යාගාර වල මහින්දෝදය නම ඉවත් කර තිබුණි.
මාතලේ ඇම්. ඩබ්ලිව්. සෝමරත්න