හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් නඩු පවරා තිබෙනවා. ක්‍රීඩා සමාජ සඳහා බෙදා දීමට නියමිතව තිබූ ක්‍රීඩා භාණ්ඩ තොගයක් දේශපාලන කටයුතු සඳහා යොදා ගැනිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට මෙම නඩුව පනවා තිබෙනවා.