මහින්දානන්දට ෆයිල් එකක් ලැබිලා
ඛණිජ තෙල් අමාත්‍යාංශයේ දූෂණ වංවා සෙවීම සඳහා වෘත්තීය සමිති හමුවූ බව ඒකාබද්ධ විපක්ෂ‘යේ ඡායා කැබිනට්ටුවේ ඛණිජ තෙල් සංවර්ධන අධීක්ෂණ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
"මේ අධීක්ෂණ මන්ත්‍රීධුරය ලැබිලා දවස් දෙකක් යනවිට වෘත්තීය සමිතිවලින් මට ලිපිගොනුවක් ගෙනත් දුන්නා අලුතින් සමාගමක් ලියාපදිංචි කරලා තෙල් ගෙන්වන්න හදනවා කියලා. අපි කියන කොටම වෘත්තීය සමිති ගෙනත් දෙනවා." යනුවෙන් අලුත්ගමගේ මහතා පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂ නායකයන් එකට තීන්දු ගන්නා බවද ඔහු කීය. ඡායා කැබිනට්ටුව නිර්මාණය කළේත්, පා ගමන් සංවිධානය කරනුයේත් එකට එකතු වී බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. පොදුවේ තීරණ ගන්නා අවස්ථාවලදී විවිධ විරෝධතා පැමිණි බවද ඒ මහතා සඳහන් කළේය.
ඡායා කැබිනට්ටුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය,
"ඡායා කැබිනට්ටුව ගැන මම දන්නේ නැහැ. ඒක හොඳ වෙන්නත් පුළුවන්. මම අකමැතියි කියලා කොහේදීවත් කිව්වේ නෑ. ඒක ගැන මම දන්නේ නෑ. ඒකේ ඇමතිකම් කොහේද? අධීක්ෂණයක් තියෙනවා ඇති. පසුගිය දවස් ටිකේ මං ලංකාවේ හිටියේ නෑ" යනුවෙන් පවසා සිටියාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

