ඒකාබද්ධ විපක්ෂය විසින් නම් කළ ඡායා කැබිනෙට්ටුවෙන් ලෙහාන් රත්වත්තේ මනත්රීවරයා ඉවත්ව තිබේ. ඔහු නගර නිර්මාණ හා ජලසම්පාදන අමාත්‍යවරයා ලෙස නම් කර තිබුණි. තමන් ඡායා කැබිනෙට්ටුවට ඇතුළත් බවට මාධ්‍ය මගින් වාර්තා කරන තෙක් නොදැන සිටි බවත් ඔහු කියයි.
එසේම ඡායා කැබිනෙට්ටුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ නමද ඉවත්කරන ලෙස දැනුම් දී ඇතැයි දෙශපාලන ආරංචි කියයි. අමාත්‍යාංශ වෙනුවෙන් අධික්ෂණ මන්ත්‍රීවරුන් පත්කිරිමට මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙන නමුත් ඔහු ඡායා කැබිනෙට්ටුවක් පත් කරන්නැයි උපදෙස් ලබා දී නොමැති බවත් වාර්තාවෙයි.
මහා බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් සම්ප්රදාය අනුව ඡායා කැබිනෙට්ටවක ඊළග අගමැතිවරයා විය යුත්තේ විපක්ෂ නායක වුවත් මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා නම් කර තිබෙන හෙයින් එහි මූලික දෝශයක් ඇතැයිද මන්ත්‍රිවරු කිහිප දෙනෙක් පැවැසීය.
ඩයනා උදයංගනී