ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදුන් ජනවරම තුළ මහින්ද රාජපක්ෂ මහතා සමග නැවත දේශපාලනය කිරීමට ජනවරමක් ලබානොදුන් බවත්, ශ්‍රීලංනිප හෝ එජනිස මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදුනහොත් එය ජනවරම පාවාදීමක් බවත් පුරවැසි සංවිධානය සහ වෘත්තීය සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
සිවිල් සංවිධාන රැසක සහභාගීත්වයෙන් අද (02දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළවිය.