හිටපු ජනපති මහින්ද රාජක්ෂ මහතා මැලේසියාවේ කළ සංචාරයේදී ඔහුට ආරක්ෂාව ලබාදෙන ලෙස මැලේසියානු රජයෙන් ශ්රී ලංකා රජය ඉල්ලීමක් කර තිබුණ බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
එසේම හිටපු ජනපතිවරයා වශයෙන් ඔහු පසුගිය කාලයේ සිදුකළ කොරියා හා ජපන් සංචාරවලදීද ඔහුට ආරක්ෂාව ලබාදෙන ලෙස නිල වශයෙන් එම රජයන්ගෙන් ඉල්ලා සිටි බවද අග්රාමාත්යවරයා පැවැසිය. අද පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා මේ බව පැවැසීය.