පක්ෂය දෙකට කඩා වෙනත් පක්ෂයක් නිර්මාණය කළද මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනාධිපති වීමට නොහැකි බවත්, මේ නිසා සිදුවන්නේ පක්ෂය සහ පාක්ෂිකයන් අර්බුදයකට ලක්වීම පමණක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බී.දිසානායක මහතා සඳහන් කළේය.
අදාළ කුමන්ත්‍රණය කාගේ උවමනාවකට සිදුකරනවාද යන්න නොදන්නා බවත්, එහෙත් පක්ෂය දෙකඩ කිරීම තුළින් සිදුවන්නේ පක්ෂයත් පාක්ෂිකයනුත් අනාථ වීම පමණක් බවත් ඔහු පවසා සිටියේය.
මේනිසා පාක්ෂිකයින් මේ පිළිබඳව තේරුම්ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතු බවද අද (05දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.