හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙ ආරක්ෂාව සඳහා යොදාවා සිටි හමුදා සාමාජිකයන් 50 දෙනෙකු එයින් මුදා හැරිම හේතුවෙන් ඔහුගේ ජීවිතය අනතුරට පත්ව ඇති බව හිටපු ජනපතිවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
හමුදා ආරක්ෂාව වෙනුවට පොලිස් නිලධාරීන් හිටපු ජනපතිගේ ආරක්ෂාවට යොදවා ඇතත් ඔවුන් අති විශේෂිතම පුද්ගලයින් (VVIP) ආරක්ෂා කිරිම සඳහා වන පුහුණුව ලබා නොමැති බවත් එම නිවේදනයේ වෙයි.
ලොව බිහිසුණුම ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කර ජීවත්ව සිටින එකම නායකයා වන හිටපු ජනපතිවරයාට සුදුසු ආරක්ෂාව සැලසීම මහජනතාවගේ මතය වී ඇති බවද පවසයි.