හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය යෙදෙන මේ මස 18 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පක්ෂය එළිදැක්වීමේ උත්සවයක් සංවිධානය කර නැතැයි එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා පැවසීය.
හිටපු ජනාධිපතිවරයාගේ උපන් දිනය සමරා නොවැම්බර් 19 වැනිදා අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අසලදී ආගමික වතාවත්වල යෙදීමට හිටපු ජනාධිපතිවරයා සැලසුම් කර තිබෙන බවද ඒ මහතා සදහන් කළේය.
මෙම උත්සවයේ සංවිධාන කටයුතුවල යෙදෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර මහතා සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයාගේ උපන් දිනය සමරා වෙනත් වසරවලදී නොවැම්බර් 18 වැනිදා මෙම ආගමික උත්සවය පැවැත්වුවද, අයවැය විවාදයේ ඡන්ද විමසීමක් එදිනට පැවැත්වෙන බැවින් නොවැම්බර් 19 වැනිදා මෙම උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.
මෙම ආගමික වතාවත් පැවැත්වෙන අවස්ථාවට මහාසංඝරත්නය සහ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් සහභාගි වීමට නියමිත බවද ඔහු කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහා නිල වශයෙන් සාමාජිකයන් බඳවාගැනීමක් එදින සිදුනොකරන බව පැවසූ ඒ මහතා මේ දිනවල එම පක්ෂයට සාමාජිකයන් බඳවාගැනීමේ කටයුතු සිදුවන බවද කියා සිටියේය.