(PHOTO) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (15දා) උදෑසන බරපතල වංචා සහ දූෂණ සොයන ජනාධිපති කොමිසම වෙත පැමිණියා. ඒ, පසුගිය ජනාධිපතිවරණ සමයේදී ස්වාධීන රූපවාහිණියෙන් විකාශනය වූ හිටපු ජනාධිපතිවරයාගේ දැන්වීම් සඳහා අයවිය යුතු රුපියල් මිලියන 200 කට අධික මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.