හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි සති දෙක ඇතුළත රාජගිරිය, කොස්වත්ත පාරේ පිහිටි පීකොක් මන්දිරයේ පදිංචියට පැමිණීමට නියමිත බව 'අද' ට වාර්තා වේ.
ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය සඳහා තරග කිරීමට තීරණය කර ඇති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙහෙයුම් කාර්යාලය බවටද මෙම නිවස පත්කරගැනීමේ සූදානමක් පවතී.
ජ්‍යෝතිෂවේදීන් බොහෝමයක් මේ දිනවල එම නිවස පරීක්ෂා කරමින් ගුණාගුණ කියමින් සිටින බව දැනගන්නට ලැෙබ්.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකඟතාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදීමට මහින්ද පාර්ශ්වය මේ දිනවල උත්සාහයක නිරතව සිටියි.
හදිසියේ හෝ එය ඉටුනොවුවහොත් වෙනත් සුළු පක්ෂයක්ද මැතිවරණය සඳහා සූදානම් කරගෙන ඇති අතර, ඉදිරි සතියේදී අදාළ පක්ෂයේ සලකුණ වෙනස් කිරීමටද මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කර තිබෙන බව වාර්තා වේ.
රාජගිරියේ පිහිටි පීකොක් මන්දිරය ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයත් බවද 'අද' පුවත්පතට වාර්තා වේ.