මැලේසියාවේ පැවැත්වෙන ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සම්මේලනය නියෝජනය කිරීම සඳහා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය හෙට (01දා) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබේ.
දයා ගමගේ මහතා මේ වන විට ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සම්මේලනය (ICAPP) හි ස්ථාවර කාරක සභාවේ සාමාජිකයකු ලෙසද කටයුතු කරයි.
නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සම්මේලනයේ උප සභාපතිවරියක ලෙස කටයුතු කරන අතර කාන්තා නියෝජිත කමිටුවද නියෝජනය කරයි.
ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සම්මේලනය අඛණ්ඩව නියෝජනය කළ නියෝජිතයන් දෙදෙනෙකු ලෙස මෙම දෙපළ හැඳින්වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් පිරිසක් සමග මැලේසියාවට යන්නේද මෙම සමුළුවට සහභාගි වීමටය.