රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා හා ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් බැලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (23දා) මැගසින් බන්ධනාගාරයට ගොස් තිබේ.
ව්‍යාජ අැටර්නි බලපත්‍රයක් සැකසීම මගින් සමාගමක රුපියල් මිලියන ගණනක් විටිනා කොටස් ලබාගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරන විමර්ශනයකට අදාළව මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත තිබේ.
ජනපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කිරීමේ චෝදනා යටතේ මොහොමඩ් මුසම්මිල් මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඡායාරූප MIKE MJ ෆේස්බුක් ගිණුමෙනි