මහින්ද පරද්දන්න එජාපයෙන් G-20
- 16 10 2014
- 08:23
- {{hitsCtrl.values.hits}} views
- කැළුම් බණ්ඩාර
රනිල්, සජිත්, කරු, තිස්ස, රවී, මංගල, ජෝන්, ජෝෂප්, රංගෙ, තලතා, රුවන්, හරින් ඇතුළු 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්වෙති.
එළඹෙන ජනාධිපතිවරණයට අදාළව මහින්ද මහතා පරාජය කිරීමේ දේශපාලන මෙහෙයුම් සඳහා එක්සත් ජාතික පක්ෂයේ 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කර තිබේ. මෙම කණ්ඩායම 'G-20' (Group-20) ලෙසින් නම් කර තිබේ.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස දෙදෙනාට අමතරව, නායකත්ව මණ්ඩලයේ සියලු දෙනාම එහි සාමාජිකත්වය දරති.
එසේම මේ සඳහා ජෝන් අමරතුංජෝෂප් මයිකල් පෙරේරා, පාලිත රංගෙ බණ්ඩාර, තලතා අතුකෝරාල යන එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද සම්බන්ධ වී සිටිති.
මීට අමතරව ඌව පළාත් සභා විපක්ෂ නායක හරින් ප්‍රනාන්දු මහතාද එහි සාමාජිකත්වය දරයි.
මෙකී කණ්ඩායම මැතිවරණයට අදාළ මෙහෙයුම් සිදුකරන අතර, මේ වනවිටත් ඔවුන් දෙවරක් රැස්ව තිබේ. G-20 කණ්ඩායමේ මීළඟ රැස්වීම හෙට (17දා) උදෑසන පැවැත්වීමටද නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

