මහින්ද නැති ලංකාව මනමාලි නැති මගුල් ගෙයක්
- 29 03 2015
- 12:06
- {{hitsCtrl.values.hits}} views
- . .
" මහින්ද රාජපක්ෂ දේශපාලනයේ නැති ලංකාව මනමාලි නැති මගුල් ගෙයක් වගෙයි. කිසිම එළියක් නැහැ. ආකර්ශනයක් නැහැ .අපේ ජීවිත පරදුවට තබා හෝ යලි මහින්ද රාජපක්ෂ යුගයක් මේ රටේ ඇති කිරීමට අපි කටයුතු කරනවා .ඒක කාටවත් නවත්තන්න පුළුවන් කමක් නැහැ. දැන් ගොඩනැගෙමින් පවතින මහින්ද රැල්ලට මේ ආණ්ඩුව බයවෙලා ජාතික ආණ්ඩු පූට්ටුවක් ගැහුවා" යැයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ,උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි දේශපාලනයට ගෙන ඒම සඳහා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී පියල් නිශාන්ත ද සිල්වා මහතා විසින් ආරම්භ කර ඇති "කල යුත්තේ කුමක්ද "තේමාව යටතේ සංවිධානය කල එළිමහන් සම්මන්ත්‍රණයක් අමතමිනි. මග්ගොන පාලම අසල හෝටල පරිශ්‍රයකදී ඊයේ (28දා) සවස පැවති මෙම සම්මන්ත්‍රණයට ජනතාව විශාල පිරිසක්ද එක්ව සිටියහ .
"අපි හැප්පෙන්නේ රනිල් හෝ මෛත්‍රී සමග නොවෙයි ,ඇමෙරිකාව හා ඉන්දියාව එක්කයි. අධිරාජ්‍යවාදීන් අපේ ආණ්ඩුව උදුරා ගත්තේ දින සීයකින් දෙන්න නොවෙයි. අද සියලු තහංචි නොතකා ශ්‍රී.ල.නි.ප.යේ මන්ත්‍රීවරු වගේම පාක්ෂිකයෝ මව්බිම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ යලි ගෙන එන සටනට රොද බැඳගෙන එකතු වෙනවා .
අද ශ්‍රී.ල.නි.පය පරාදවෙන්නේ, එම පාක්ෂිකයෝ ගුටි කන්නේ ,ඒ අයට රස්සා නැති වෙන්නේ රාජිත ඇමතිවරයා නිසයි. මව්බිම රැක ගැනීමට මහින්ද අගමැති කරවන සටනට එකතුවෙන ශ්‍රී.ල.නි.ප.මන්ත්‍රීවරුන්ට දඬුවම් කළොත් එම දඬුවම් ලබා දෙන අයට මව්බිමට ආදරය කරන මේ රටේ ජනතාව නිසි දඬුවම් ලබා දෙන බව කව්රුත් මතක තබා ගත යුතුයි." යැයි ඔහු පැවැසීය.
බෙන්තෙට චතුරිකා ජයරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

