මහින්ද නායකත්වයට ද්‍රෝහිකම් කරනවා
මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ සිටිමින් පක්ෂයට හා පක්ෂයේ නායකත්වයට හතුරුකම් හා ද්‍රෝහිකම් කරන බව පෙනෙන්නට ඇති බවත්, එය හොඳ කාරණයක් නොවන බවත් සමාජ සවිබල ගැන්වීම් සුබ සාධන හා උඩරට සංවර්ධන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවැසූයේ ඊයේ (17දා) මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දී පැවැති 29 වන මහනුවර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උලෙළට සහභාගි වී අවසානයේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අන්ත දක්ෂිනාංශ අය,අන්ත වාමාංශික අය,අන්ත ජාතිවාදී අය, සියලු ජාතින් අතර මිත්‍රත්වය, සහයෝගය සමානයන් ලෙස සලකන අය පක්ෂය තුළ ඉන්නවා. විවිධ මතධාරීන් හැමදාම පක්ෂය තුළ ඉන්නවා.
ජනාධිපති මෛත්‍රීපාල මැතිතුමාට පක්ෂය දුන්නෙ මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒක පක්ෂය ගත්ත තීන්දුවක් නෙමේ. එතුමා තනි තීන්දුවක් අරන් එදා මෛත්‍රීපාල ජනාධිපතිතුමාට දුන්නෙ. නමුත් එතුමා ශීලාචාර විය යුතුයි පක්ෂය දුන්න වගේම එතුමාට උදවු කරන්න. නමුත් එතුමා පක්ෂයේ සිටිමින් පක්ෂයට හා පක්ෂයේ නායකත්වයට හතුරුකම් හා ද්‍රෝහිකම් කරනවා”.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
