පවතින නීතියට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනාධිපති වරණයට ඉදිරිපත් විය නොහැකි බවත්, මේ නිසා නැවත මහින්ද ජනපති කරමු කියා ජනතාවට චූන් නොදෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
නව ව්‍යවස්ථා සංශෝධනය අනුව චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියටත් ජනාධිපතිවරණයට ඉල්ලිය නොහැකි බවත්, ඒ ගැන තිබෙන්නේ අහෝ සතුටක් බවද පවසා සිටියේය.
එහෙත් මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනාධිපතිවරයකට ඉල්ලීමට නොහැකි වීම පිළිබඳ පවතින්නේ අහෝ දුකක් බවත් එහෙත් අදාළ නීතිය සම්මත කර ගැනීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයාත් අත උස්සා තිබෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.