මහින්ද චීන සංචාරය අරඹයි
චීන රජයේ ආරාධනාවක් අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස අද (23දා) අලුයම චිනය බලා පිටත්ව ගියේය. සිය සංචාරයේචී
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ චීන රජයේ ප්‍රධානීන් හමුවීමට සැලසුම් කර තිබේ.
අද (23දා) සිට දෙසැම්බර් 01 වැනිදා දක්වා හිටපු ජනාධිපතිවරයා චීනයේ සංචාරය කරන අතර නොවැම්බර් 28 වැනිදා චීන රජයේ ප්‍රධානීන් හමුවීමට සැලසුම් කර තිබේ.මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ගුආන්ශු හා බීජීං නගරවල නවාතැන් ගැනීමට නියමිත අතර, ඩෆෝ විහාරස්ථානය, විවිධ නිදහස් වෙළෙඳ කලාප සහ ශෙන්ෂිං නගරයේ සංචාරය කිරීමටද සැලසුම් කර තිබේ.
මෙම පිරිස වෙනුවෙන් ගුආන්ශු ප්‍රාදේශිය ආණ්ඩුවේ ප්‍රධානීන් හා ශෙන්ෂිං නාගරික ප්‍රධානීන් විශේෂ වැඩසටහනක් සංවිධානය කර ඇතැයිද හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි. හි
ටපු ජනාධිපතිවරයා සමග පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම් උදිත් ලොකුබණ්ඩාර යන මහත්වරුන් එක්වන බවද එම ඒකකය පවසයි.
අමිත් මධුරංග / ටී.කේ.ජී. කපිල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

