ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය වන මහින්ද චින්තනය ලොව දිනන මග ප්රකාශනය තම පක්ෂයට ලබාදෙන්නේ නම් ගම්මට්ටමින් බෙදාහරින බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ එම ප්‍රතිපත්ති ප්රකාශනය මෛත්‍රීපාල සිරිසේන මහතාට හිතවත් පිරිසක් සකසා ඇති බවයි.
පිටු කිහිපයක කරන ලද කාර්යයන් මෙන්ම ඉතිරි පිටුකිහිපයේ කළ යුතු කාර්යයන් සඳහන්ව ඇතැයි පැවසූ ඒ මහතා කුඩු, එනතෝල්, කැසිනෝ මෙන්ම, අවනීතිය මෙරට තුළ ඇතැයි එම ප්රකාශනයෙන් ජනාධිපතිවරයා පිළිගෙන ඇතැයි ද සඳහන් කළේය.