හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සිටින කිසිවෙකු පිරිසුදු හෝ පිවිතුරු නොවන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඔවුන් සියල්ලන්ම දූෂිතයන් බවත්, ඒ පිළිබඳ ළඟදීම අධිකරණ හරහා අනාවරණය වනු ඇති බවත් අමාත්‍යවරයා පැවසුවේ අද (14දා) පැවැති මාධ්‍ය හමුවකදීය
''මහින්ද කල්ලියේ එක මිනිහෙකුවත් සුදු ඇන්දාට පිරිසුදු නැහැ, පිවිතුරු නැහැ. එයාලා ඔක්කොම හොඳ දූෂිතයො. ඔවුන් පිළිබඳ අනාගතයේ අධිකරණවලින් කරුණු හෙළිදරව් වේවි'' යැයි හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.