මහින්ද ඉන්න තැන තේරෙන බව ජනපති කියයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා දමා අලුතින් පක්ෂයක් නිර්මාණය කළ අය මේ දක්වා ප්රතිප්පතියක්, දර්ශනයක් හෝ වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම පක්ෂයේ බැනරය යට සිට තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති යැයි පවසන බවත්, සාමාජිකත්වය ඇත්තේ කොළ කෑල්ලක බව පැවසූ ජනාධිපතිවරයා, අලුත් පක්ෂය පවත්වන රැස්වීම් දිහා බැලූ විට ඔවුන් සිටින ස්ථානය කොහේදැයි ඇස් කන් තියෙන අයට දැකගතහැකි බවත් පවසා සිටියේය.
බැනර්, පෝස්ටර් ගසාගෙන පවත්වන එම පක්ෂයේ ඇත්තේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ පවුල්වාදයක් පමණක් බවත්, දර්ශනයක් නොමැති පුද්ගලයන් බැහැර කර ශ්රීලනිපය ශක්තිමත් කිරීම සඳහා එකතුවන්නැයි සියලුම පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ජනපති නිල නිවසේදී අද (24) පෙරවරුවේ පැවැති පුවත්පත් මාධ්‍යවේදීන්ගේ හමුවකදී මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේ, දූෂණයෙන් තොර පාලනයකට බාධා සිදුව ඇත්තේ පක්ෂවලින් නොව පුද්ගලයන්ගෙන් බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

