(UPDATE) 4.21 P.M.
නීතිඥවරයෙකුගෙන් රුපියල් 50000 ක චෙක්පතක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ නාගරික මන්ත්රී මහින්ද කහඳගමගේ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්රධාන මහේ්ස්ත්රාත් ගිහාන් පිලපිටිය මහතා අද (09දා) නියෝග කළේය.ඒ අදාළ මුදල ආපසු ගෙවන බවට මන්ත්රීවරයා ප්රකාශ කිරීමෙන් පසුවය.
රුපියල් 50,000ක චෙක්පත් සොරකමක් සම්බන්ධයෙන් කොළඹ නාගරික මන්ත්රී මහින්ද කහඳගමගේ මහතා කුරුඳුවත්ත පොලීසිය විසින් අද (09දා) අත්අඩංගුවට ගනු ලැබීය.