මහාචාර්ය අභය ඉඳුරුව මහතා අන්තර්ජාලයේ උන්නතිය සඳහා කළ සේවය අගයමින් ඔහුව අන්තර්ජාලයේ Hall of Fame සම්මානයෙන් පිදුම් ලැබීමට කටයුතු කොට තිබේ. හොංකොංහිදී පැවැති විශේෂ සම්මාන උලෙළකදී ඔහුට මෙම සම්මානය ලබාදුන් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ ඒ ක්ෂේත්රවල උන්නතිය සඳහා කළ සේවාව අගය කරමින් Hall of Fame සම්මානය පිරිනමනු ලබයි. ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලයේ ව්‍යාප්තියට මහාචාර්යවරයා සිදුකළ සේවය අගය කරමිනුත්, අන්තර්ජාලයේ ව්‍යාප්තියට ජාත්‍යන්තරව කළ සේවාව අගයමිනුත් ඔහුට මෙම සම්මානය ලබාදී තිබේ.