මහා ජනගඟක් මැදින් අවසන් ගමන් ගිය සිංගප්පූරුවේ පියා
සිංගප්පූරුවේ පියා, එසේත් නැත්නම් වර්තමාන සිංගප්පූරුවේ නිර්මාතෘවරයා යන විරුධාවලිය ලැබූ ලී ක්වාන් යූ මහතාගේ අවමංගල්‍ය උත්සවය ඊයේ (29දා) අති විශාල ජන ගංඟාවක් මධ්‍යයේ සිදු කෙරිණි.
ඊයේ දිනයේ පැවති වර්ෂා තත්ත්වයක නොසලකා විශාල ජනතාවක් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මග දෙපස සැදී පැහැදී සිටින ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එමෙන්ම, සාමාන්‍ය ජනතාවමෙන්ම ඔහුගේ පවුලේ ඥාතීහු සහ නායකයෝ සිය අවසන් ගෞරව දැක්වීම සිදුකළහ.
සුවිශේෂී නායකයාගේ අවමංගල්‍ය උත්සවය ඇමතූ ලී ක්වාන් යූ ගේ පුත් සිංගප්පූරුවේ වත්මන් අගමැති ලී හ්සීන් ලූන් සිය පියා සටන්කාමියකු ලෙස හැඳින්වීය. ඔහු සත්‍යයට බියෙන් පළා නොගොස් ඊට නොබියව මුහුණ දෙමින් සිංගප්පූරුව ගොඩ නැගීම සඳහා කටයුතු කළ බව ඔහු සඳහන් කළේය.
සෙසු ආරාධිතයන්ගේ කතාවලින් පසුව විනාඩියක නිශ්ශබ්දතාවක් පැවති අතර, ඉන් අනතුරුව හිටපු අගමැති ලී ක්වාන් යූ ගේ දේහය ආදාහනාගාරය වෙත ගෙන ගියේ සිංගප්පූරු වැසියන්ගේ සෝසුසුම් මධ්‍යයේය.
වසර තිහකට වැඩි කාලයක් සිංගප්පූරුවේ අගමැති ධුරය හොබවමින් සිංගප්පූරුව ආසියාවේ ධනවත්ම රටවලින් එකක් බවට පත් කළ ලී ක්වාන් යූ එරට දේශපාලනික සහ සමාජීය නිදහස සීමා කළ බවට බටහිරින් චෝදනාද එල්ල විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

