මහසෝන් බලකායේ අමිත්ට පහරදුන්නැයි ඔහුගේ බිරිඳගෙන් පැමිණිල්ලක්
අනුරාධපුරය බන්ධනාගාරයේ රඳවා සිටි මහසොහොන් බළකායේ නායක අමිත් විදානපතිරණ නමැත්තා බන්ධනාගාර රෝහලේදී සිදු වූ පහර දීමකින් සුළු තුවාල ලබා අනුරාධපුරය ශිෂණ රෝහලට ඇතුළත් කළ බව අනුරාධපුරය පොලීසිය පවසයි.
සැකකරුගේ බිරිඳ මහනුවර සිට සිය සැමියා බැලීම සඳහා අනුරාධපුරය බන්ධනාගාරයට පැමිණ ඇති අතර, එහිදී සැමියා රෝහල්ගත කර ඇති බවට බන්ධනාගාර නිලධාරීන් පවසා ඇත. ඒ අනුව රෝහල වෙත ගිය ඇය සැමියා බැලීමෙන් පසු අනුරාධපුර පොලීසයට පැමිණ තම සැමියාට බන්ධනාගාරය තුළදී පහරදී ඇතැයි පවසමින් පැමිණිලි කර තිබේ.
පොලිස් හා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටි ඔහු අද (27දා) ප්රතිකාර ලබා යළි බන්ධනාගාරයට රැගෙන ගියේය.
සිද්ධිය පිළිබඳ අනුරාධපුරය මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක සංජීව මහානාම මහතාගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රත්නසිරි මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

