මෙම මස 26 හා 27 වන දිනවලට යෙදී ඇති කොටි සංවිධානයේ මහවිරු දිනය හා ප්රභාකරන්ගේ උපන් දිනය සැමරීමට එක්වන්නැයි ඉල්ලමින් යාපනය සරසවියේ ස්ථාන කිහිපයක ඊයේ (24දා) රාත්රියේ පෝස්ටර් අලවා ඇතැයි යාපනය පොලීසිය පවසයි.
යාපනය සරසවි එකමුතුව නමින් පෝස්ටර් යාපනය සරසවියේ පීඨ කිහිපයක තැනින් තැන අලවා තිබූ අතර යුද්ධයෙන් මියගිය කොටි සාමාජිකයන් සැමරිය යුතු බවත් ප්රභාකරන්ගේ උපන්දිනය සැමරිය යුතු බවත් එම පොස්ටර් මගින් පෙන්වාදී තිබුණි.
අදාළ පෝස්ටර් ඇලවූ පුද්ගලයන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර එම පිරිස් සොයා විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමටද පියවර ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.