ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමගාමීව සියලු මහවැලි ගොවි බිම් සංවර්ධනය කර ලාභදායී මට්ටමට ගෙන ඒමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දුන් බව ජනපති මාධ්‍ය අංශය කියයි.
මහවැලි ගොවි බිම්වල සංවර්ධන කටයුතු ඉදිරියේදී වෙන වෙනම සොයා බලන බවත්, ජනවාරි මාසයේ සිට වෙන් වෙන් වශයෙන් එහි නිරික්ෂණ චාරිකාවල නිරතවීමට අපේක්ෂා කරන බවත් ජනපතිවරයා සඳහන් කළේය.
මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ සහ මහවැලි අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීමට අද (09දා) පෙරවරුවේ එක් වෙමින් ජනනපතිවරයා මේ බව සඳහන් කළේය.