මහවැලි ගඟේ ගන්නෝරුවේ සිට හල්ඔළුව දක්වා වූ කොටසේ ඇතැම් පිරිස් ඩයිනමයිට් සහ රතිඤ්ඤාවලට භාවිත කරන සුළු වෙඩි බෙහෙත් භාවිත කරමින් මසුන් මැරීම නිසා දුර්ලභ ගණයේ මසුන් විශාල ප්‍රමාණයක් වද වී යාමේ තර්ජනයකට මුහුණ දී ඇති බව පරිසරවේදී ප්‍රදීප් සමරවික්‍රම මහතා කීය .
මහවැලි ගගේ වරාතැන්න හත්කිද ප්‍රදේශය ලෝකයේ දුර්ලභම මසුන් වර්ග කිහිපයක්ම හමුවන ස්ථානය වන බවත් මේ වන විට එහි විසූ ‘කොළ ගඩයා’ නම් ආවේණික මත්ස්‍ය විශේෂය වද වී යාමේ අවධානමක් පවතින බවද ඔහු කීය. ලෝකයේ මෙතෙක් හමු වූ මෙම වර්ගයේ විශාලතම මතස්‍යයා මෙම ස්ථානයෙන් හමු වී ඇති අතර එම මතස්‍යයාගේ දිග සෙන්ටි මිටර් 52.2 ක් බවද ඔහු කියයි.
මෙම ස්ථානයෙන් හමු වූ කොළ ගඩයා
ප්‍රදීප් සමරවික්‍රම මහතා
මහවැලි ගගේ වරාතැන්න ප්‍රදේශය
මොහොමඩ් ආසික්