තමන් ශ්රී ලංකා නිදහස් පක්ෂය නොබෙදූ බවත්, සිදුකරන්නේ පක්ෂය ශක්තිමත් කිරීම බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඊයේ (30දා) කළාවැව අක්කර 500 ප්රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය.
"අද සමහරු මට දොස් කියනවා මම පක්ෂය කඩන්න හදනවාලු .මම ශ්රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්න තමයි මේ එළියට බැහැලා කතා කරන්නේ. ශ්රී ලංකා නිදහස් පක්ෂය කැඩුවා කියලා මට චෝදනා කරලා හරියන්නේ නෑ. අම්මාගෙන් දුව කඩාගෙන යනකොටත් මම පක්ෂයේ හිටියා, පුතා කඩාගෙන යනකොටත් මම පක්ෂයේ හිටියා, මහලේකම්ලා කඩාගෙන යනකොටත් මම පක්ෂයේ හිටියා. පක්ෂය කැඩුවේ මම නෙමෙයි.
මේ ශ්රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ඩාර්ලි පාරේ 301 ගොඩනැගිල්ල නෙමෙයි, බෝඩ් ලෑල්ල නෙමෙයි, ලාංඡනය නෙමෙයි. 91 න් පස්සේ අපි අත ලකුණෙන් තරග කළේ නෑ. අන්තිමට තරග කළේ 1991 දී. මේ ඉතිහාසය අමතකයි, ජනතාවටත් අමතකයි, අපිටත් අමතකයි, දේශපාලඥයොන්ටත් අමතකයි. දැන් නිකං කටට එනවාට කෑ ගහනවා ශ්රී ලංකා, ශ්රී ලංකා කියලා.
කොහෙද රටේ පංච මහා බලවේගය ඒක රාශ්රී වෙන්නේ එතන තමයි ශ්රී ලංකා නිදහස් පක්ෂය රජ කරන්නේ. ජනතාවගේ හදවත් වලයි ශ්රී ලංකා නිදහස් පක්ෂය රජ කරන්නේ. ප්රථිපත්ති වලයි ශ්රී ලංකා නිදහස් පක්ෂය රජ කරන්නේ"