ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය සඳහා ඇපමුදල් භාරගැනීම අද (29දා) සිට ආරම්භ විය.
ඒ අනුව ඒ ඒ දිස්ත්‍රික්ලේකම් කාර්යාලවලදී හෝ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ඇපමුදල් තැන්පත් කළ හැකිය.
මහමැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම ජූලි මස 06 වැනිදා සිට 13 වැනිදා දක්වා සිදුකෙරෙන අතර මැතිවරණය පැවැත්වෙන්නේ අගෝස්තු 17 වැනිදාය.