මහනුවර ප්‍රදේශයේ කලහකාරී සිද්ධිවලට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න රහස් පොලිස් වාර්තාව තමන්ට ලැබුණු පසුව පාර්ලිමේන්තුවට දැනුම් දෙන බව කථානායක කරු ජයසූරිය මහතා අද (08දා) පැවසීය.
හමුදා ප්‍රධානීන් හා පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් සමග මේ දිනවල තමන් දිනකට අවස්ථා තුනකදී සාකච්ඡා කරන බවද කථානායකවරයා සඳහන් කළේය.
ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී රාජිත සේනාරත්න ඇමතිවරයා සඳහන් කළ මන්ත්‍රීවරුන් දෙදෙනා කවුරුන් දැයි ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළ අවස්ථාවේදී කරු ජයසූරිය මහතා මේ බව කියා සිටියේය.