කොළඹ කොටුව හා මහනුවර අතර ධාවනය වන අංක 1033/1034 යන දුම්රියන් හෙට (03දා) සිට සෙනසුරාදා හා ඉරිදා යන දිනයන්හිදී ධාවනය නොකරන බව දුම්රිය වාණිජ අධිකාරී කාර්යාලය නිවේදනය කරයි.
ඒ වෙනුවට අංක 1027/1028 දරණ වායු සමනය කළ විශේෂ දුම්රිය මහනුවර හා ඇල්ල දුම්රිය ස්ථාන අතර සෙනසුරාදා හා ඉරිදා දිනයන්හි ධාවනය කරන බවද වාණිජ අධිකාරී කාර්යාලය නිවේදනය කරයි.
මීට අමතරව උඩරට සුම්රිය මාර්ගයේ බදුල්ලෙන් පෙ.ව. 10.00 පිටත්වූ අංක 1008 දරණ දුම්රිය හෙට සිට පෙ.ව. 11.00 පිටත්වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
මහනුවර හා ඇල්ල අතර ධාවනය වන විශේෂ දුම්රිය