විසල් මහනුවර ජල පවිත්‍රාගාරය වෙත ජලය පොම්ප කරනු ලබන සම්ප්‍රේෂණ නළයේ ඇතිවුණු ජල කාන්දුවක් හේතුවෙන් හෙට (10දා) පෙරවරු.9.00 සිට පස්වරු 5.00 දක්වා පැය 08 ක කාලයක් මහනුවර අවට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව විසල් මහනුවර ජල පවිත්රාගාර මගින් ආවරණය වන හාරිස්පත්තුව, අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බලප්‍ර‘දේශවලට අයත් කහල්ල, කහවත්ත, අකුරණ, කුරුගොඩ, තෙළඹුගහවත්ත, හාරිස්පත්තුව, ගොහාගොඩ, නුගවෙල, බරිගම, රජපිහිල්ල, හෑදෙණිය, මැදවල, පුජාපිටිය හා මහනුවර මහ නගර සභා බලප්‍ර‘දේශයේ අස්ගිරිය ජල තටාකය මගින් ජලය බෙදාහරිනු ලබන ප්‍ර‘දේශ මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව මණ්ඩලය දන්වා සිටියි.